Unit No-01
ක්ෂුද්‍ර ජීව විද්‍යාව.
ජීවීන් වර්ගීකරණය.
'' පොදු ගති ලක්ෂණ සැලකිල්ලට ගෙන ජීවීන් කාණ්ඩ වලට සැකසීම වර්ගීකරණය වේ.'' ජීවීන් වර්ගීකරණය කර ප්‍රථම තැනැත්තා ඇරිස්ටෝටල්ය. පසුව Carolas Linnaeus ද්වී පද නාම කරනය හදුන්වා දෙන ලදි. මෙහි දී නාම කරණයේ සංකේත ලෙස. *ශාක.(ICBN) *සත්ව.(ICZN) *බැක්ටීරියා.(ICNB) *වෛරස්.(ICTV)
කෘතීම හා ස්වභාවික වර්ගීකරණය.
(01) කෘතීම වර්ගීකරණය. ''පරිනාමය පිලිබද අවබෝධයක් නොතිබුණු මුල් කාලයේ දී සිදු කළ සියඵම වර්ගීකරණ.'' මෙම ක්‍රමය 18 වන ශත වර්ශයට පෙර බාවිත විය.
(02) ස්වභාවික වර්ගීකරණය.
ජීවීන්ගේ පරිනාමිතික බන්ධුතා ස්මතුවන ආකාරයෙන් වංශ ප්‍රවේණික සබදතා පදනම් කර ගෙන වර්ගීකරනය රෑප විද්‍යාත්මක, කායික විද්‍යාත්මක, සෛල විද්‍යාත්මක, අනුක විද්‍යාත්මක ලක්ෂණ හා DNA,RNA භෂ්ම අනුපිළිවෙළ භාවිතා කර වර්ගීකරණය කරයි.
* 1977 කාල්වූස් විසින් රාජධාණියට ඉහලින් ''අධි රාජධානිය (Domain) '' නමින් තවත් තක්සෝනයක් හදුන්වා දෙන ලදි මේනිසා සියලුම ජීවීන් බැක්ටීරියා, ආකියා, යුකැරියා ලෙස අධි රාජධානි 3 කි. තක්සෝන වල ධූරාවලිය.
* 1977 කාල්වූස් විසින් රාජධාණියට ඉහලින් ''අධි රාජධානිය (Domain) '' නමින් තවත් තක්සෝනයක් හදුන්වා දෙන ලදි මේනිසා සියලුම ජීවීන් බැක්ටීරියා, ආකියා, යුකැරියා ලෙස අධි රාජධානි 3 කි. තක්සෝන වල ධූරාවලිය. + වර්ගීකරන ධූරාවලිය තුල ජීවීන් විද්‍යාත්මකව කාණ්ඩ කිරීම. + ධූරාවලියේ සරලම තක්සෝනය ''විශේෂයයි''. මෙය ජෝන් රෙගේ ඉදිරිපත් කරන ලදි. + විශේෂයක් ලෙස හදුන්වන්නේ පොදු ලක්ෂණ රැසක් දරන ලක්ෂණ එකකින් හෝ කිහිපයකින් අන් සියඵම ජීව ආකාර වලින් වෙනස් වන බොහෝ විට එකිනෙකා අතර අන්තර් අභිජණනයෙන් සරැ ජණිතයක් බිහි කරණ සභාවිකව වෙන් කර හැදිනිය හැකි එකම තක්සෝණයයි.
වර්ථමාන වර්ගීකරණ පද්ධතිය.
කාල් වූඒ ඉදිරිපත් කළ අධි රාජධානි 3 හා රාජධානි 6 ක් සහිත වර්ගීකරන පද්ධතියයි. එහි මූලික පදනම අනුක ජීව විද්‍යාවේ තොරතුරැය.

- ජාන වල, මයිට්‍රොකොන්ඩියා වල DNA භෂ්ම අනුපිළිවෙල.
- RNA භෂ්ම අනුපිලිවෙල.
- ප්‍රෝටීන වල ඇමයිනෝ අම්ල අනුපිලිවෙල.
- සෛලීය සංඝටක වල අණුක ව්‍යුහය.
- සෛල බිත්තියේ සංඝටක පෙප්ටිඩොග්ලයිකැන්.
- සෛල ප්ලාස්මයේ ලිපිඩ වල හයිඩ්‍රොකාබන දාම ශාකනය වී නැත.
- ප්‍රති ජීවක වලට සංවේදීය.
- ප්‍රෝටීන සංස්ලේෂණය ෆෝමයිල් මෙතියොතින් වලින් ආරම්භවේ.
- RNA පෙලිමරේස් එන්සයිම එක් වර්ගයක් පමණක් ඇත.
Domain Of Archaea.
- සෛල බිත්තිය ප්‍රෝටීන්, පොලිසැකරයිඩ.
- ප්ලාස්මයේ ලිපිඩ වල හයිඩ්‍රොකාබන ශාකනය වී ඇත.
- ස්ට්‍රෙප්ටොමයිසීන් හා ක්ලෝරැම්ෆෙතිකෝල් ප්‍රතිජීවකවලට සංවේදී නැත.(සුන්‍යෂ්ටිකයන් සේ)
- ප්‍රෝටීන් සංස්ලේශණය මෙතියොතීන් වලින්.(සුන්‍යෂ්ටිකයන් සේ)
- DNA පොලිමරේස් එන්සයිම කිහිපයකි.(සුන්‍යෂ්ටිකයන් සේ)
Domain Of Eucheriya.
- සෛල බිත්තියේ සංඝටක ලෙස පොලිසැකරයිඩ ඇත.
- ප්ලාස්මයේ ලිපිඩ වල හයිඩ්‍රොකාබන දාම ශාකනය වී නැත.
No comments:
Post a Comment